අදට යෙදෙන 76 වන නිදහස් දිනය

අදට යෙදෙන 76 වන නිදහස් දිනය

76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්.

‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේයි මෙවර ජාතික නිදහස් දින සැමරුම් උලෙළ පැවැත්වෙන්නේ.

නිදහස් දින සැමරුම් උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා සහභාගි වීමට නියමිතයි.

මීට අමතරව තායිලන්ත දූත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත අතර තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර නිදහස් දින සැමරුම්උලෙළ පැවැත්වෙනවා.

සැමරුම් පෙළපාලිය සඳහා යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයින් එක්වනු ඇති.

මේ අතර ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බැවින් මෙම ගමන් මඟේ ඉදිරියට ගොස් යළි සෞභාග්‍යය උදා කර ගැනීමට නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් පෙන්වාදෙන්නේ ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය සහ නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළැඹෙමින් අප දුෂ්කර කඩඉම් පසුකරමින් සිටින බවයි.

නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවුඩය මගින් සඳහන් කර තිබෙනවා.

Share This