අට දෙනෙක් රැගත් එක්සත් ජනපද හමුදා ගුවන් යානයක් ජපාන දූපත් අසලදී කඩා වැටෙයි

අට දෙනෙක් රැගත් එක්සත් ජනපද හමුදා ගුවන් යානයක් ජපාන දූපත් අසලදී කඩා වැටෙයි

අමෙරිකානු හමුදා ගුවන් යානයක් ජපානයේ යකුෂිමා දූපතට ආසන්නයේ දී පුද්ගලයින් 8 දෙනෙකු සමග කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ජපාන වෙරළාරක්ෂක නිලධාරියා BBC පුවත් සේවයට පවසා ඇත්තේ එක් පුද්ගලයෙකු සොයාගෙන ඇති නමුත් අනෙක් අයගේ තත්ත්වය අපැහැදිලි බවයි.

යානයේ නටබුන් යකුෂිමා දූපතට ඔබ්බෙන් සොයාගෙන ඇති බවද සඳහන්

CV-22 Osprey යානය යකුෂිමා ගුවන් තොටුපළට ගොඩබෑමට උත්සාහ කිරීමේදී යානයේ වම් එන්ජිම ගිනිගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

යානය යමගුචි කලාපයේ ඉවාකුනි කඳවුරේ සිට ඔකිනාවා හි කඩේනා කඳවුර දක්වා ගමන් කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති බවයි පැවසෙන්නේ

Share This