අඛණ්ඩව යන දුම්රිය වර්ජනය
දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා.
උසස් වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් මෙලෙස වර්ජනයේ නිරත වනවා.
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් අද දිනයේ ධාවනයට නියමිතව තිබූ ගමන්වාර 80%ක පමණ ප්‍රමාණයක් අවලංගු කර තිබුණා.
වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා විසින් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.