ගුරු නිවාස හෝ පහසුකම් නොඉල්ලා ‘දිළිඳු දරුවන් වෙනුවෙන් දුරකථන සොයන’ විදුහල්පතිවරියකගේ කතාව

ගුරු නිවාස හෝ පහසුකම් නොඉල්ලා ‘දිළිඳු දරුවන් වෙනුවෙන් දුරකථන සොයන’ විදුහල්පතිවරියකගේ කතාව

තමන්ගේ පාසලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා ඇති දරුවන්ට ඉගෙනුම් කටයුතු සඳහා පාවිච්චි කළ ස්මාර්ට් දුරකථන ලබාදෙන ඉල්ලමින් විදුහල්පතිවරියක් තැබූ ෆේස්බුක් සටහනක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

පළමු ශ්‍රේණියේ සිට එකොළොස් වන ශ්‍රේණිය දක්වා ළමුන් 350ක් පමණ ඉගෙනුම ලබන කොළොන්නාව ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පතිනිය වන දීප්ති මොල්ලිගොඩ මහත්මිය මෙම සටහන තබා තිබුණා.

liveat8.lk වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් විදුහල්පතිනිය සඳහන් කළේ මෙම දරුවන්ගේ නිවෙස්වල බොහෝ විට ස්මාර්ට් දුරකතන නොමැති බවයි.

තමන්ගේ ගුරු නිවාසය ප්‍රතිසංස්කරණය කිරීමට ඇතැම් විදුහල්පතිවරු පළමු තැන දෙන යුගයක මෙම විදුහල්පතිනියගේ උත්සාහය සමාජ මාධ්‍ය ඔස්සේ අගය කිරීමට ලක්ව තිබෙනවා.

ඇය තැබූ ෆේස්බුක් සටහන පහතින් කියවිය හැකියි.

Share This