උපුල් තරංගට කොවිඩ් – සනත් ඇතුළු කණ්ඩායමම නැවතත් PCR පරීක්ෂණයකට

උපුල් තරංගට කොවිඩ් – සනත් ඇතුළු කණ්ඩායමම නැවතත් PCR පරීක්ෂණයකට

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොවිඩ් ආසාදනය වී ඇති බව ක්‍රිකට් ආයතන බලධාරියෙකු තහවුරු කළා.

ඒ අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එළැඹෙන 04වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබූ ශ්‍රි ලංකා ග්‍රේට්ස් XI කණ්ඩයාම සහ ටීම් ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරගය කල්දමා ඇති බවයි.

අප මේ පිළිබඳව ශ්‍රි ලංකා ග්‍රේට්ස් XI කණ්ඩයාමේ නායක සනත් ජයසූරියගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම තොරතුරු ලැබී ඇති බවත් අනතුරුව අද දිනයේදී තවත් PCR පරීක්ෂණයක් සඳහා සියලු ක්‍රීකඩයින් යොමු වූ බවයි. එහි ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි.

Share This