රාජපක්‍ෂ වලව්ව බලෙන් අල්ලා ගත් දෙදෙනා රිමාන්ඩ්

රාජපක්‍ෂ වලව්ව බලෙන් අල්ලා ගත් දෙදෙනා රිමාන්ඩ්

මීගමුව ප‍්‍රථම නගරාධිපතිවරයා විසූ වසර 500 ක් ඉපැරණි රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා කෞතුක සහ වාණිජ වටිනාකමක් ඇති මීගමුව රාජපක්‍ෂ වලව්වට බලෙන් ඇතුළු වී වලව්ව අත්පත්කර ගත් සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම ප‍්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් නිෂේන්ද්‍ර ඒකනායක මහතා සැකකරුවන් මාර්තු මස 8 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ නියෝග කර තිබෙනවා

ඇප ප‍්‍රතික්‍ෂේප වී රිමාන්ඞ් භාරයට පත්වූ සැකකරුවන් වූයේ කැලණිය දික්පිටිගොඩ පදිංචි ගයාන් කුමාර හෙට්ටිආරච්චි සහ මාතලේ පල්දෙනිය මහගෙදර කන්ද පදිංචි අජිත් කුමාර දසනායක නමැති සැකකරුවන්ය.

මෙම සිද්ධියට අදාළ වලව්ව මීගමුව නගර මධ්‍යයේ අක්කරයක පමණ විශාල ඉඩමක පිහිටා ඇති අතර මීගමුවේ පිහිටි වසර 500 ක් පමණ පැරණි වලව්වේ මිල කළ නොහැකි බව කියන කෞතුක භාණ්ඩ රැසක් සහ තේමිය රජුට ඔටුනු පැළඳවීම සඳහා ඉන්දියාවේ සිට පැමිණි හලාගම වාංශිකයන්ට අයත් එකම කොඩිය සංරක්‍ෂණය කර සුරැකිව තබා ඇත්තේද මෙම වලව්වේ බවයි වාර්තා වන්නේ

මෙම වලව්වේ වත්මන් භාරකරු ලෙස කටයුතු කර ඇත්තේ අභාවප‍්‍රාප්ත බි‍්‍රගේඩියර් ඇලෙක්සැන්ඩර් රාජපක්‍ෂ අබේසිංහ මහතායි .

ඔහු වලව්වේ මුල් අයිතිකරු වූ මුදලිඳු රාජපක්‍ෂ මීගමුව නගරාධිපතිතුමන්ගේ එකම පුතු වනවා

ඔහු මිය යෑමට පෙර සිය අන්තිම කැමති පත‍්‍රයේ ඔහුට අයත් වලව්ව විකුණා ඉන් ලැබෙන මුදලින් මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලට වාට්ටුවක් ඉදිකිරීම, පිළිකා රෝහලේ වාට්ටුවක් ඉදිකිරීම, යුද හමුදාවට විශාල මුදලක් පරිත්‍යාග කිරීම, තම ඥාතීන්ට සහ අඩු ආදායම්ලාභී සිසුනට උදව් උකාර කිරීම ආදිය ඔහුගේ අන්තිම කැමති පත‍්‍රයේ සඳහන් කොට තිබෙන අතර පසුව වලව්ව වසාදමා ඉබි යතුරු දමා එය බලා ගැනීමට මුරකරුවකු පත්කොට තිබෙනවා .

මේ අතර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂකවරයකුගේ ලේකම්වරියක විසින් ලබාදුන් උපදෙස් මත මෙම නඩුවට අදාළ සැකකරුවන් දෙදෙනා එහි දොරටු විවෘත කර බලෙන් පදිංචිවී තිබෙනවා

එයට එරෙහිවූ බූදල් බලකාර පොල්මක්කාර නීතිඥවරයා විසින් මීගමුව පොලිසියට කළ පැමිණිල්ල මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබෙනවා

Share This