fbpx
TikTok තහනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයි

TikTok තහනම් කිරීමට ට්‍රම්ප් සැරසෙයි

ටික් ටොක් දුරකථන යෙදවුම තහනම් කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබීමට කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

චීනය සමග පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් ඉහළ නංවමින් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පුද්ගලික දත්ත පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ටික් ටොක් දුරකථන යෙදවුම අමෙරිකාව තුළ තහනම් කිරීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ධවල මන්දිරයේ සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතයින් අතර පැවති හමුවකින් අනතුරුව අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අමෙරිකාවේ මිලියන 80ක පමණ පිරිසක් ටික් ටොක් පරිශීලකයින් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This