කුඹුරු යායකදී අකුණු සැර වැදීමෙන් ගොවීන් තිදෙනෙකු මරුට

කුඹුරු යායකදී අකුණු සැර වැදීමෙන් ගොවීන් තිදෙනෙකු මරුට

මුලතිව් තන්නිමුරුප්පු තුනේ කණුව ප්‍රදේශයේ කුඹුරු යායකදී අකුණු සැර වැදීමෙන් ගොවීන් තුන් දෙනෙකු ඊයේ (15) සවස එම ස්ථානයේදීම
මියගොස් තිබෙනවා.

වර්ෂාව පැවති අවස්ථාවේදී මෙම ගොවීන් තුන්දෙනා කුඹුරු යායේ ස්ථාන තුනක සිට ඇති අතර වර්ෂාවත් සමගම පුපුරා ගිය අකුණක සැර වැදීමෙන් ඔවුන් කුඹුරේදීම මිය ගොස් තිබෙනවා.

මියගිය ගොවීන් තුන් දෙනා මුලතිව් බටහිර කුමුලමුනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Share This