ත්‍රි රෝද රථයක කැබින්එක කඩා සොරකම් කළ සිසුවා

ත්‍රි රෝද රථයක කැබින්එක කඩා සොරකම් කළ සිසුවා

ත්‍රි රෝද රථයක කැබින්එක කඩා එහි තුළ තිබු රියදුරු බලපත්‍රය ,රක්ෂණ සහතිකය ,සහ රුපියල් 6000ක මුදලක් සොරකම් කළ බව කියන පාසල් සිසුවකුට තරයේ අවවාද කර මවුපියන් වෙත් භාරදුන් බව රක්වාන පොලිසිය සඳහන් කරනවා

ත්‍රි රෝද රථ රියදුරු විසින් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය සිදු කිරීමේදී මෙම සිසුවා විසින් වරදක් කර ඇතිබව පෙනී ගොස් තිබෙනවා

සිසුවාගේ දෙමව්පියන් විසින් තම දරුවා විසින් සොරකම් කර තිබෙන සියළු දේ සොයා නැවත රියදුරාට භාරදීමට ඇතිවූ එකඟතාවය මත මුදාහැර තිබෙන බව වාර්තා වනවා ,

ඉදිරියේදී මෙවැනි වරදක් සිදුනොකිරීමට දෙමව්පියන්ට සහ සිසුවාට තරයේ අවවාද කළ බවත් පොලිසිය සඳහන් කරනවා

Share This