මන්ත්‍රීගේ SPA එක ගිනි තබලා

මන්ත්‍රීගේ SPA එක ගිනි තබලා

නුවරඑළිය නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කිසියම් පිරිසක් විසින් ඊයේ (07) අලුයම ගිනි තබා ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.

නුවරඑළිය,  රණසිංහ මාවතේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයට ගිනි තැබීම හේතුවෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ එක් කාමරයක් ගිනිගෙන විනාශ වී ඇති අතර එම කාමරයේ නිදාගෙන සිටි කාන්තාවක් තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පැතිර යමින් තිබූ ගින්න නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව පාලනය කර තිබෙනවා.

නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයකුට අයත් එම සම්බාහන මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් ගිනි තබන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුවරඑළිය පොලිසිය විසින් සිදුකරනවා.

 

Share This