ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ සභාපතිගේ කණ්ඩායම අතර තරගය ස්ථීරයි – ඩිල්ෂාන් නෑ?

ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ සභාපතිගේ කණ්ඩායම අතර තරගය ස්ථීරයි – ඩිල්ෂාන් නෑ?

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ශ්‍රි ලංකා ක්‍රික‌ට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය ඒ අයුරින්ම පවත්වන බව ක්‍රිකට් පාලන කමිටු සභාපතිවරයා liveat8.lk වෙත පැවසුවා.

කෙසේ වුවද තරගය සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ශාන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවද වාර්තා වෙනවා.

මීට හේතු වී ඇත්තේ ක්‍රීඩකයින් ලෙජන්ඩ්ස් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ නිරෝධායනයට ලක්ව සිටීම සහ නැවත වරක් පැමිණිමේදී තවත් දින 14ක නිරෝධායන කාලයකට යටත්වීමට සිදුවන බවත් එය ඔවුන්ට ප්‍රායෝගිකව ගැටළු මතුකරන්නක් වීම හේතුවෙන් ඔවුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත විය හැකි බවත් ක්‍රිකට් පාලන කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Share This