fbpx
ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය (Video)

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය (Video)

මවක් තම සිඟිති දියණියද සමඟ ළිඳකට පැන සියදිවි නසාගැනීමේ අවාසනාවන්ත පුවතක් බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 24 හැවිරිදි මවක සහ තුන් හැවිරිදි ඇගේ සිඟිති දියණියයි.

24 හැවිරිදි නදීකා ප්‍රියදර්ශනී ඇගේ තුන් හැවිරිදි සිඟිති දියණිය නෙක්ෂා දෙව්මි සමග ජීවත්වුණේ බිබිල, බදුල්ලගම්මන, නෙල්ලිවත්ත ප්‍රදේශයේ පිහිටි තම සැමියාගේ නිවසේයි.

නිවසේ සිටි ඇය ඊයේ රාත්‍රියේ අතුරුදහන් වීම නිසා නිවැසියන් ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා. එහිදී දැක ඇත්තේ නදීකා තම සිඟිති දියණිය සමඟ ළිඳට වැටී තිබු ආකාරයයි.

ජිවිත ගමනේ අතරමඟ හමුවන පුංචි සිත්තැවුල්වලට සංවේදී වී ජීවිතවලින් පළිගන්නට තරම් ඉක්මන්වීම ගැන ගමේ සියලු දෙනා කම්පාවට පත්ව සිටිනවා.

Share This