බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 106යි

බංග්ලාදේශ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 106යි

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලෙකැලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 27 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 106ක් රැස්කරගෙන සිටිනවා.

ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පන්දු 72කින් වේගවත් ලකුණු 65ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටින අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්.

සයිෆ් හසන් ලකුණු නොලබා දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. නජ්මුල් හුසෙන් ලකුණු 37ක් රැස්කරගෙන සිටිනවා

Share This