පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කර වතුකරයේ කිතුණු දේවස්ථානවල ආගමික වතාවත්

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කර වතුකරයේ කිතුණු දේවස්ථානවල ආගමික වතාවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහිපත් කරමින් අද දිනයේදී දිවයිනේ  සියලුම කතෝලික දේවස්ථාන වල විශේෂ දේව පූජාවන් පැවැත්වෙනවා.

වතුකරයේ දේවස්ථාන වලදීද පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කරමින් යාඥාවන් පැවැවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරත වීමෙන් පසු ඉටි පහන් දල්වා මිය ගිය අයට පින් අනුමෝදම් කර තිබෙනවා.

දේවස්ථාන වෙත පැමිණිමට නොහැකි කිතුණු බැතිමතුන් තම නිවාස වල රැඳී සිටිමින් මිය ගිය අය සිහි කර පින් අනුමෝදම් කර තිබෙනවා.

Share This