කොවිඩ් එන්නත් මෙරට නිපදවීමට චීනයේ කැමැත්ත

කොවිඩ් එන්නත් මෙරට නිපදවීමට චීනයේ කැමැත්ත

කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් මෙරට නිපදවීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයකට අදහස් දක්වමින් කියා සිටිනවා.

ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට එන්නත් කිරීම සඳහා එන්නත් මිලියන 10-12ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ට්විටර් පරිශීලකයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, එන්නත් ලබාදීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජෛව තාක්‍ෂණ සමාගම් දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවයි.

චීනයේ සීනෝෆාර්ම් කොවිඩ් -19 එන්නත් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ නිවේදනය කළා.

Share This