fbpx
Q-shop දහසක් ව්‍යාපෘතිය ඇරඹෙයි

Q-shop දහසක් ව්‍යාපෘතිය ඇරඹෙයි

තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් තැනෙන Q-shop දහසක් ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් ඇරඹුනා

සමාරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථා පරිශ්‍රයේදී ඊයේ දින පැවැත්වුණා

එහිදී ප්‍රථම Q-shop වෙළඳසැල අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වූ අතර ගුණාත්මක භාවයෙන් ඉහළ රාජ්‍ය අංශයේ හා ස්වදේශික පෞද්ගලික නිෂ්පාදකයන්ගේ භාණ්ඩ සෘජුවම පාරිභෝගිකයා වෙත නිකුත් කරමින් තරුණ ව්‍යවසාකයින් සඳහා වෙළඳපොළ අවස්ථා මේ ඔස්සේ නිර්මාණයවනු ඇති

මෙම ව්‍යාපෘතියේ මූලික අදියර යටතේ රට පුරා Q-shop දහසක් (1000) ක් ආරම්භ කෙරෙන අතර, ඉන් පසුව 2024 වර්ෂය වන විට දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි Q-shop 14000ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිදි ජනතාවට අඩු මිලට ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ අලෙවි කිරීම හා තරගකාරී තරුණ ව්‍යවසායකයින් බිහිකිරීමට මැදිහත්වීම මෙහි ප්‍රධාන අරමුණයි

ක්‍රීඩා අමාත්‍යංශයේ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතියට තරුණ ව්‍යවසායකයින් සොයාදීම සිදු කෙරෙනවා

Share This