බවුසරයක ගැටීමෙන් පොලිස් පරීක්ෂකවරයෙක් මරුට

බවුසරයක ගැටීමෙන් පොලිස් පරීක්ෂකවරයෙක් මරුට

අද (28) දින නිට්ටඹුව – කළගෙඩිහේන හන්දිය අසළදී සිදුවූ රිය අනතුරකින් ගම්පහ දිසා රථවාහන කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ පොලිස් නිලධාරියා ධාවනය කළ යතුරුපැදිය මාර්ගයේ අනාරක්ෂිතව නවතා තිබු බවුසරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

බවුසරයේ රියදුරු මේ වන විට අත්ඩංගුවට ගෙන ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබු පොලිස් පරීක්ෂකවරයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

36 හැවිරිදි ඔහු නුගදෙණිය – ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Share This