PCR වාර්තා එන්න කලින් රෝහලෙන් පැන්න රෝගියාට කොවිඩ්

PCR වාර්තා එන්න කලින් රෝහලෙන් පැන්න රෝගියාට කොවිඩ්

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් 19 ආසාදිත බවට සැක රෝගියෙකු පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර එයින් පැන පලාගොස් තිබෙනවා.
පසුව ඔහු සොයා මෙහෙයුම සිදුවූ අතර ඒ අතරතුර ඔහුගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵලලැබී ඇති අතර ඒ අනුව මෙම රෝගියා කොවිඩ් 19 ආසාදිතයකු බව තහවුරැ වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ සිදුකල මෙහෙයුමේදී ආදාළ රෝගියා ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු යළි රෝහල් ගත කළ බවයි.

කුට්ටිගල, තෝරගල, පදලංගල ලිපිනියේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ⁣රෝහල් ගත කර තිබෙනවා .

Share This