අගමැති නමින් ඉදිවුණු ජනපති අතින් විවෘත වන ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය

අගමැති නමින් ඉදිවුණු ජනපති අතින් විවෘත වන ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මංගල තරගය මේ වන විට ඉන්දියාව සහ එංගලන්තය අතර ආරම්භ වී තිබෙන අතර එහි සමාරම්භක අවස්ථාවේදී ක්‍රීඩාංගනයේ නම සංශෝදනය කිරීමට ද පියවර ගැණුනා.

ඒ අනුව ලොව විශාලතම ක්‍රීඩාංගනය ලෙස නවීකරණය කරන ලද ගුජරාට්හි අහ්මදාබාද් ප්‍රදේශයේ පිහිටි සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නමින් නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනය ලෙස හැදින්වීමට තීරණය කර තිබෙනවා.

පසුගිය දිනෙක නරේන්ද්‍ර මෝඩිගේ සංකල්පයක් අනුව මෙම ක්‍රීඩාංගනය ඉදි කිරීමට කටයුතු කෙරුණු අතර ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් එය නැවත ප්‍රතිසංස්කරණය කෙරුණා.

 

Share This