O/L සඳහා උපකාරක පන්ති අද රැයින් අවසන්

O/L සඳහා උපකාරක පන්ති අද රැයින් අවසන්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා/පෙ) විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (23) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගය අවසන් වන මාර්තු 10 වනදා දක්වා එම තහනම ක්‍රියාත්මකවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

අදාළ කාලය තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, විෂයානුබද්ධ දේශන හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හා අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සම්පූර්ණයෙන් තහනම්වනු ඇති.

යම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ පාර්ශ්වයක් මෙම නියෝග නොසලකා කටයුතු කළහොත් එම පාර්ශ්වය විභාග පනත යටතේ වරදකරුවෙකු වනඅතර එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට පැමිණිළි කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා..

Share This