Natu Natu ගීතයට නටන යුක්‍රේන සොල්දාදුවන් (VIDEO)

Natu Natu ගීතයට නටන යුක්‍රේන සොල්දාදුවන් (VIDEO)

යුක්‍රේන සොල්දාදුවන් විසින් මේ වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ගීතය ලෙස සම්මානය දිනාගත් ඉන්දියාවේ Natu Natu ගීතයට නර්තනයේ යෙදුණු වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා හුවමාරු වෙමින් පවතිනවා.

රුසියානු යුක්‍රේන ආක්‍රමණයට මාස කිහිපයකට පෙර මෙය රූගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගීතය යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ගේ නිල නිවසින් පිටත රූගත කර තිබීම විශේෂත්වයකි.

සම්මානනීය ‘RRR’ චිත්‍රපටයේ උන්මාදය අවසන් වන බවක් පෙනෙන්නට නැති අතර මෑතකදී ඔස්කාර් සම්මානයක් දිනාගත් මෙම චිත්‍රපටයට ගෝලීය වශයෙන් විශාල රසික පිරිසක් ගොඩනඟා ගෙන තිබෙනවා.

සෑම දිනකම පාහේ, Natu Natu ගීතයට මිනිසුන් නටන වීඩියෝ සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් මේ දිනවල යුක්‍රේන සොල්දාදුවන් විසින් එම ගීතයට නර්තනයේ යෙදෙන වීඩියෝව අන්තර්ජාලයේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පතින අතර බොහෝ දෙනා එයට ඇලුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වීඩියෝව ජේන් ෆෙඩෝටෝවා විසින් ට්විටර් හි හුවමාරු කරගෙන තිබෙනවා.

‘RRR’ චිතරපටයේ නිල ගිණුම ද යුක්‍රේන සොල්දාදුවන්ගේ නර්තනය නැවත ට්වීට් කරමින් එය ප්‍රශංසා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This