fbpx
LPL සඳහා තරඟ වදින්න ලංකාවෙන් සුපිරි ක්‍රීඩකයන් 5 ක් ?

LPL සඳහා තරඟ වදින්න ලංකාවෙන් සුපිරි ක්‍රීඩකයන් 5 ක් ?

මේ වසරේදී පැවැත්වීමට නියමිත ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලියට තරග වදින කණ්ඩායම් 5 සඳහා ශ්‍රී ලාංකික සුවිශේෂි ක්‍රීඩකයන් 5 දෙනෙකු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තාවනවා.

ඒ සඳහා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, සහ දසුන් ශානකද ප්‍රවේගකාරී පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරාද තෝරාගෙන ඇති බව සඳහන්,

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් තෝරාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට නිල වශයෙන් තවමත් දන්වා නොමැත.

ලන්කන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ මූලික කටයුතු මේ වනවිටත් සැකසෙමින් පවතින අතර තරගාවලිය නොවැම්බර් 14 වැනි ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ නගර 5 ක් මූලික කරගනිමින් කොළඹ, ගාල්ල, යාපනය, දඹුල්ල සහ මහනුවර ලෙස කණ්ඩායම් නම්කර තිබෙනවා.

Share This