

LPL අද ඇරඹේ
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ හම්බන්තොටදී පැවැත්වෙන අතර, තරගාවලිය දෙසැම්බර් මස 16 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
කලම්බු කිංග්ස්, ගාල්ල ග්ලැඩියේටර්ස්, ජැෆ්නා ස්ටැලියන්ස්, දඹුල්ල වයිකින්ග්ස්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් පහ මෙහිදී තරග වදිනවා.
අද රාත්‍රියේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි.