අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට – චන්දිමාල්ගෙන් liveat8.lk වෙත ප්‍රකාශයක්

අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට – චන්දිමාල්ගෙන් liveat8.lk වෙත ප්‍රකාශයක්

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගාවලියේ කිරුළ පුෂ්පිකා ද සිල්වාට යළිත් ලබා දෙන බව එහි සංවිධායක චන්දිමාල් ජයසිංහ liveat8.lk වෙබ් අඩවියට ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ පුෂ්පිකා දික්කසාද වී ඇති බව කිසිවෙකුත් තහවුරු කර නැති බවයි.

ඊයේ රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී කිරුළ ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වාට කිරුළ අහිමි කරනු ලැබුවේ දික්කසාද කාන්තාවකට විවාහක රූ රැජිණ ලෙස කිරුළ දැරිය නොහැකි බව සඳහන් කරමිනුයි.

 

Share This