fbpx
කොවිඩ් පැරදූ ජසින්ඩා අගමැති වෙද්දී ලංකාවේ වනුෂි නවසීලන්ත පාර්ලිමේන්තුවට

කොවිඩ් පැරදූ ජසින්ඩා අගමැති වෙද්දී ලංකාවේ වනුෂි නවසීලන්ත පාර්ලිමේන්තුවට

නවසීලන්තයේ ඊයේ දින පැවැත්වූ මහමැතිවරණයෙන් ජසින්ඩා ආර්ඩෙන් නැවත වරක් අගමැති වශයෙන් පත්වුණා.

ආර්ඩෙන්ගේ ලේබර් පක්ෂය, රට තුළ කෝවිඩ්-19 වසංගතය සාර්ථක ලෙස මර්දනය කිරීමට පසුගිය කාලයේ සිදුකළ ප්‍රශංසනීය වැඩපිළිවෙළ මෙයට හේතු වූ බව විචාරකයන්ගේ මතයයි.

ආර්ඩෙන් මහත්මියගේ පක්‍ෂය ශක්තිමත් බහුතරයක් මේ වනවිටත් දිනාගෙන ඇති අතර ඇයගේ ප්‍රතිවාදියා වූ විපක්ෂ නායිකා ජූඩිත් කොලින්ස් ගේ ජාතික පක්ෂ අද දහවල් වනවිටම පරාජය පිළිගනිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

‘‘නවසීලන්තය යථා තත්වයට පත් කළ හැකි බවට මා ගැන විශ්වාසය තැබූ අයට ස්තූතියි..‘‘ යනුවෙන් නවසීලන්ත අගමැතිනිය සිය ජයග්‍රහණය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

මේ අතර, ලාංකීය සම්භවයක් සහිත වනුෂි වෝල්ටර් නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා.

වයඹදිග ඕක්ලන්ඩ් හි අපර් හාබර් නැමති ඡන්ද බල ප්‍රදේශය නියෝජනය කරමිනුයි ඇය පාර්ලිමේන්තු වරම් හිමිකරගෙන ඇත්තේ.

වනුෂි වෝල්ටර්ගේ වයස අවුරුදු 39ක් වන අතර ඇය වෘත්තියෙන් මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක් වනවා.

Share This