ඉන්දියාවේ  ප‍්‍රභේදය මෙරට පැතිර යෑමේ අවදානමක් – එක් අයකුගෙන් වැඩි පිරිසකට ආසාදනය වීමේ තත්ත්වයක්

ඉන්දියාවේ ප‍්‍රභේදය මෙරට පැතිර යෑමේ අවදානමක් – එක් අයකුගෙන් වැඩි පිරිසකට ආසාදනය වීමේ තත්ත්වයක්

මේ වන විට ඉන්දියාවේ ශීඝ‍්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ප‍්‍රභේදයද මෙරට තුළ පැතිර යෑමේ අවදානමක් මතුවී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවාසනවා.

මෙතෙක් මෙරට තුළ පැවති වෛරස් ප‍්‍රභේදය වෙනස් වීමත් සමග මේ වන විට ව්‍යාප්තිය ශීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බවද කී ඒ මහතා එක් අයකුගෙන් වැඩි පිරිසකට රෝගය ආසාදනය වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවද සදහන් කරන බවයි ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී සඳහන් කළේ.

මෙරට ධීවරයන් මුහුුදේදී ඉන්දීය ජාතිකයන් හා සම්බන්ධ වීම හේතුවෙන් ඉන්දීය වෛරසය මෙරට තුළ පැතිරීමේ හැකියාවක් පවතින බවද සුදත් සමරවීර මහතා පෙන්වා දී ඇති අතර විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් හරහාද ඉන්දීය වෛරසය මෙරට පැතිර යෑමේ අවදානමක් පවතින බව සඳහන් කර තිබෙනවා.

Share This