ICCයෙන් ශ්‍රී ලංකාවට හිමිවන මුදල

ICCයෙන් ශ්‍රී ලංකාවට හිමිවන මුදල

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් 200,000 මුදලක් වෙන්කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5 වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් එම මුදල වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ශූරතාවලියේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ජූනි 7 වනදා ආරම්භ වීමට නියමිතයි.

එහිදී ටෙස්ට් ශූරතාව දිනාගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමිවනවා.

Share This