හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 32 වන පොලිස්පතිවරයා වූ මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද (29) සවස 5.00 පමණ කොළඹ නාරහෙන්පිට ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ස්භාවික අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසු වී තිබෙනවා.

මහින්ද බාලසූරිය මහතා 1978 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වී ඇති අතර 2010-2011 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

Share This