සංචාරකයන්ට,තවත් සංචාරක කලාප කිහිපයක්

සංචාරකයන්ට,තවත් සංචාරක කලාප කිහිපයක්

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප හඳුන්වා දීමට රජය තීරණය කර තිබෙන අතර එම නව සංචාරක කලාප හඳුනා ගැනීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා .

එම කලාප හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන අතර මෙරට සංචාරක කලාප 07ක් දැනට ක්‍රියාත්මකයි.

නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට එම සංචාරක කලාප වන අතර ඊට අමතරව සංචාරක කලාප ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්ව නොමැති සංචාරක ආකර්ෂණයකින් සමන්විත තවත් කලාප ගණනාවක් දිවයින පුරා පිහිටා තිබෙනවා

එම සංචාරක කලාප හඳුනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් එහි යටිතල පහසුකම් සංවර්ධනය සහ සංචාරක ආයෝජන අවස්ථා පුළුල් කළහැකි බව ඇමතිවරයාගේ අදහස වන අතර නව සංචාරක කලාප ප්‍රකාශයට පත්කිරීමේ දී දැනට හඳුනාගෙන ඇති නිර්ණායක යාවත්කාලීන කිරීමට ද සිදුව තිබෙන බව සඳහන් .

මෙරට සංචාරක කර්මාන්තය වසර 2025 වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 10ක ආදායමක් ජාතික ආර්ථිකයට ලබාදීම ඉලක්ක කරගනිමින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා .

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටුණ ද එය යථාවත් කිරීම සඳහා මේ වනවිට රජයට ගත හැකි, ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බවද වාර්තා වනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව කතාබහ කෙරුණා

Share This