fbpx
කොටහළු මගුලට ’50කට බව හඟවා’ 600කට ආරාධනා කරලා – සත්ත්ව ගොවිපළකට කෑම යවා බලධාරීන් කළ දේ

කොටහළු මගුලට ’50කට බව හඟවා’ 600කට ආරාධනා කරලා – සත්ත්ව ගොවිපළකට කෑම යවා බලධාරීන් කළ දේ

ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඇහැළියගොඩ නගරයට ආසන්න වසමක කොටහළු මගුලක් වෙනුවෙන් පවත්වන සාදයට 600ක පිරිසකට ආරාධනා කර තිබූ බව ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරනවා.

මෙම සාදය සඳහා 50ක පිරිසක් පමණක් රැස් කිරීමට අවසර දී තිබූ බවත් ඊට වැඩි පිරිසක් ගෙන්වීම සඳහා සූදානම් වන බවට ලත් තොරතුරු අනුව සාදයට නියමිත දින ඒ ගැන විමර්ශනයක් සිදුකර තිබෙනවා.

විශාල පිරිසක් සාදයට කැඳවීමට කටයුතු කරන බව හා සංගීත කණ්ඩායමක් සඳහා අවශ්‍ය වේදිකාවක්ද සූදානම් කර ඇති බව එහිදී වාර්තා වී තිබෙනවා.

ඒ වනවිට පැමිණ සිටි 150ක පමණ පිරිසක්ද ආපසු යැවූ බවත්, සාදයට සකස් කළ විශාල ආහාර තොගයක් සත්ත්ව ගොවිපළක් සඳහා යවන්නට සිදුවූ බවත් කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා කියා සිටියා.

Share This