ලන්ඩනයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකුව පාරේ ලුහුබැඳ ගොස් පිහියෙන් අනී (CCTV)

ලන්ඩනයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකුව පාරේ ලුහුබැඳ ගොස් පිහියෙන් අනී (CCTV)

16 හැවිරිදි පාසල් සිසුවෙකුට කල්ලියක් විසින් පිහියෙන් ඇනීමෙන් පසු ඔහු මියයාම CCTV දර්ශන වල වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා රාත්‍රී 11.30 ට පමණ වයඹදිග ලන්ඩනයේ බ්‍රෙන්ට්හිදී ඩ්‍රෙක්වොන් පැටසන් ප්‍රදේශයේදී සිව්දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ මැරයන් විසින් කළු පැහැති රථයකින් ෆෝඩ් මොන්ඩියෝව ප්‍රෙස්ටන් වීදියේදී ලුහුබැඳ ගොස් ඔහුට පිහියෙන් ඇනීමට පෙර ඔහුට පහරදී වදදී ඇති බවයි.

ප්‍රාදේශීය සාප්පු හිමියෙක් පවසා ඇත්තේ ‘පිරිමි ළමයා උදව් ඉල්ලමින් සිටියත් කිසිවෙකු නතර වූයේ නැත. එය හද කම්පා කරවන දෙයක් යැයි පවසමින්.

වෙම්බ්ලි ප්‍රදේශයේ නිවුන් දරු දැරියන් අට දෙනෙකුගෙන් එක් අයෙකු වන මෙම පාසල් සිසුවා පිහියෙන් ඇන තුවාල සහිතව සොයාගත් අතර පසුදා මියගිය බව වාර්තා වී තිබෙනවා. මේ දක්වා ලන්ඩනයේ සිදු වූ 15 වන මිනීමැරුම් පරීක්ෂණයට එය හේතු වනවා.

ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය තවමත් කිසිදු අත්අඩංගුවට ගැනීමක් කර නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයට අදාළව මෝටර් රථයක සහ වෑන් රථයක පින්තූර නිකුත් කර තිබෙනවා.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අගුලු දැමීම ලිහිල් කර සමාජය යථා තත්ත්වයට පත්වීම නිසා මෙම ගිම්හානයේදී ප්‍රචණ්ඩකාරී අපරාධ වැඩිවී තිබෙනවා.

Share This