සෞඛ්‍ය නීති කඩකරන්න එපා – කොවිඩ් ෂොපින් කරන්න එපා – යුද හමුදාපති ඉල්ලයි

සෞඛ්‍ය නීති කඩකරන්න එපා – කොවිඩ් ෂොපින් කරන්න එපා – යුද හමුදාපති ඉල්ලයි

අවුරුදු උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්නැයි කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින බව අද පත්තරේ වැඩසටහනේදී අනාවරණය කළා.

උත්සව සමය තුළ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු නොකළහොත් කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට ඔහු ප්‍රකාශ කළ බවයි එහිදී වැඩිදුරටත් සඳහන් කළේ .

අවුරුදු සමයේ ජනතාව රෙදිපිළි ඇතුළු භාණ්ඩ ලබා ගැනීමට සාප්පුවලට යන හෙයින් ඒ අවස්ථාවලදී අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳ නියමිත දුර පවත්වා ගන්නා ලෙසද යුද හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා.

එමෙන්ම “ෂොපින් කලාට ප්‍රශ්නයක් නෑ. – ඒත් කොවිඩ් ෂොපින් කරන්න එපා” යනුවෙන්ද යුද හමුදාපතිවරයා  ප්‍රකාශ කළ බවයි පත්තරේ වැඩසටහනේදී සඳහන් කළේ.

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත

Share This