වෙලන්ගහ වැවේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

වෙලන්ගහ වැවේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

අම්බලන්තොට සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ගොඩ සහ මඩ ඉඩම් අක්කර 250 ක අධික සංඛ්‍යාවක් මෙන්ම ගොවි පවුල් 200 කට අධික ජනතාවක් කෘෂිකාර්මික වශයෙන් පෝෂණය කළ හැකි අක්කර 8 ක ජල ධාරිතාවයක් සහිත වෙලන්ගහ වැවේ ඉදිකිරීම් ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා

වාරිමාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ හඳුනා ගනු ලැබූ ග්‍රාමීය වැව් අමුණු සහ වාරි ඇල මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා

රුපියල් මිලියන 8.6 ක් වැයකොට ප්‍රතිසංස්කරණය කරන වෙලන්ගහවෙල වැව, ලියන්ගහතොට අමුණ දක්වා දෙපස සරුසාර කරමින් ගලා බසිනා කොස්අතු ආරටද උපත සලසනවා

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ මාස තුනක් ඇතුළත මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරිමට උපදෙස් ලබා දී ඇති අතර පදලංගල වැවෙන්, රක්ෂිත දිය බුබුළකින් සහ අහස් දියෙන් මේ දක්වා ගබඩා කරගත් ප්‍රමාණයට වඩා වැඩි ජල ධාරිතාවයක් ගබඩා කිරීමට හැකි වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙනු ඇති

එය වැව ආශ්‍රිතව ජීවනෝපාය කර ගත් ප්‍රජාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක්ද වී තිබුණා

 

Share This