ලංවිම සේවකයින් ලෙඩ වෙයි

ලංවිම සේවකයින් ලෙඩ වෙයි

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර අද (08) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමට තීරණය කර තිබෙනවා

වසර ගණනාවක සිට වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් මෙලෙස උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවන බවයි වාර්තාවන්නේ

25,000ක් පමණ විදුලි සේවකයින් පිරිසක් කොළඹ දී උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරන්නේ

සිය ඉල්ලිම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී වැඩ වර්ජනයක නිරත වීමට ද බලාපොරොත්තු වන බව රංජන් ජයලාල් මහතා සඳහන් කරනවා

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කරන්නේ සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟතාව පළ කර තිබියදී මෙවැනි උද්ඝෝෂණවල නිරත වීම පිළිගත නොහැකි බවයි

 

Share This