STF නිලධාරීන් යටකර පලායාමට තැත්කළ කැබ් රථයට වෙඩි (VIDEO )

STF නිලධාරීන් යටකර පලායාමට තැත්කළ කැබ් රථයට වෙඩි (VIDEO )

යාපනය – පේදුරුතුඩුවේ මාර්ග බාධකයකදී නිලධාරීන් යටකර පලායාමට තැත්කළ කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදී පුද්ගලයින් දෙදෙනෙකු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් වී තිබෙන බවත්,මෙම තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා පලා ගිය පුද්ගලයින් බවට සැක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

සැකකරුවන් 23 සහ 26 හැවිරිදි වියේ පසුවන්නන් බවයි සඳහන් වන්නේ.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධියට අදාළ කැබ් රථය සොයා පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This