fbpx
BOI යටතේ ඇති ආයතන තුළ පමණක් PCR පරීක්ෂණ 15,000 ඉක්මවයි

BOI යටතේ ඇති ආයතන තුළ පමණක් PCR පරීක්ෂණ 15,000 ඉක්මවයි

කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 15000කට වැඩි ප්‍රමාණයක් සිදු කර අවසන් බව ගුවන්තොටුපළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසනවා.

මෙහිදී ආයෝජන කලාප තුල දසදහස ඉක්මවමින්ද ඉන්පිටත පන්දහස ඉක්මවමින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව සෑම කම්හලක්ම ආවරණය වන පරිදි සේවකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

සේවක සුරක්ෂිතභාවය පවත්වාගෙන යාමටත් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම තම අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුව ඇතැයි ඒ මහතා සඳහන් කළා

Share This