පිළිකා කාරක සහිත පොල්තෙල් තොග සියල්ල රේගුව භාරයේ

පිළිකා කාරක සහිත පොල්තෙල් තොග සියල්ල රේගුව භාරයේ

ආනයනය කරනු ලැබූ පිළිකා කාරක සහිත පොල්තෙල් තොග සියල්ල රේගුව භාරයට ගැනීමට ඊයේ (05) දා වන විට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා

අදාළ සමාගම් ගබඩාවල ගබඩා කර තිබූ මෙම පොල්තෙල් තොග රේගුව භාරයට ගෙන ඒවා ප‍්‍රති අපනයනය කරන තෙක් රේගු නිලධාරීන් භාරයේ ගබඩා කර තැබීමේ අරමුණින් එම පියවර ගත් බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප‍්‍රිය සඳහන් කරනවා

එම පොල්තෙල් තොග ප‍්‍රතිඅපනයනය කිරීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන අතර ජනමාධ්‍ය කැඳවා ඔවුන් ඉදිරියේදීම ප‍්‍රතිඅපනයනය කිරීම සිදු කරනු ලබන බවද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසනවා

එමෙන්ම පසුගියදා දංකොටුව ප‍්‍රදේශයෙන් සහ දඹුල්ල ප‍්‍රදේශයෙන් පොලිස් භාරයට ගත් බවුසර් දෙකෙහි සහ කන්ටේනරයේ තිබූ පොල්තෙල් තොගවල විෂ පිළිකා කාරක අඩංගුදැයි සොයා බැලීම සඳහා පරීක්‍ෂණ සිදු කෙරෙමින් තිබෙන අතර එම වාර්තා අද (6) නිකුත් වීමට නියමිත බවද වාර්තා වනවා

පිළිකා කාරක සහිත පොල්තෙල් තොග ආනයනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියත් සමග රටපුරා විවිධ ප‍්‍රදේශවලින් පරීක්‍ෂණ සඳහා ලබාගත් පොල්තෙල් සාම්පල අතරින් පොල්තෙල් අංශු මිලියනයකට ඇෆ්ලටොක්සීන් අංශු දහහතක් අඩංගු සාම්පල තුනක් සහ 13 බැගින් අඩංගු සාම්පල 13 ක් හඳුනා ගැනීමට පොල් සංවර්ධන මණ්ඩලය මේ වනවිට සමත්ව තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

 

Share This