කුෂිනගර් ගිය ඇමති නාමල්  ‘දෙරටේ නායකයන්ගේ දැක්ම ගැන’ සටහනක් තබයි (VIDEO)

කුෂිනගර් ගිය ඇමති නාමල් ‘දෙරටේ නායකයන්ගේ දැක්ම ගැන’ සටහනක් තබයි (VIDEO)

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාව ඉන්දු ලංකා සබඳතාවයන්හි තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් මහා සංඝරත්නය සියක් නමක් අද (20) අලුයම මෙරට සිට කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාවට වැඩම කළ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද ඒ සමග පිටත්ව ගියා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි මහතාගේ දැක්ම වන්නේ ජාතීන් හා ජනතාව අතර ඇති මෙම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම බවයි.

“අසල්වැසි ඉන්දියාවෙන් අපට ලැබුණු ශ්‍රේෂ්ඨතම ත්‍යාගය නම් නිර්මල බුදු දහමයි. අපි සැමවිටම අසල්වැසි ඉන්දීයාව හා එරට ජනතාව සමඟ දීර්ඝකාලීනව සමීප සබඳතාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා ඉන්දීය අග්‍රාමාත්‍ය අතිගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ගේ දැක්ම අපේ ජාතීන් හා ජනතාව අතර ඇති මෙම සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමයි.” යනුවෙන් වැඩිදුරටත් ඔහු සටහන් කර තිබුණා.

කුෂිනගර්හි පැවති උත්සවය ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කළ කතාව පහතින් නැරඹිය හැකියි.

Share This