ලබා ගැනීමට නොහැකි වූ පවුල් වෙනුවෙන් 5000 දීමනාව අද සිට යළිත්

ලබා ගැනීමට නොහැකි වූ පවුල් වෙනුවෙන් 5000 දීමනාව අද සිට යළිත්

මෙවර සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය ලබා දුන් රුපියල් 5000ක දීමනාව ලබා ගැනීමට නොහැකි වූ පවුල් වෙනුවෙන් නැවතත් අද සිට එම දීමනාව ලබා දීම ආරම්භ කරන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

අඩු ආදායම්ලාභීන් සඳහා සියලුම මුදල් ඉදිරි දින දෙක තුන ඇතුළතදී ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළ බවයි අද පත්තරේ වැඩසටහනේ දී අනාවරණ කළේ.

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වූ සමෘද්ධිලාභී පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම ආරම්භ කළේ පසුගිය 12 වනදායි.

Share This