fbpx
21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් කී‍්‍රඩකයා මුරලි

21 වැනි සියවසේ වටිනාම ටෙස්ට් කී‍්‍රඩකයා මුරලි

ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලූ ලාභියා වන ශී‍්‍ර ලංකාවේ මුත්තයියා මුරලිදරන් 21 වැනි සියවසේ වටිනාම කී‍්‍රඩකයා ලෙස විස්ඩන් කි‍්‍රකට් මාසික සඟරාව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ලෝකයේ ඇති කි‍්‍රකට් සඟරා අතරින් ප‍්‍රමුඛතාවයක් ගන්නා විස්ඩන් කි‍්‍රකට් සඟරාව පසුගියදා 21 වැනි සියවසේ හොඳම ටෙස්ට් කී‍්‍රඩකයින් 30 දෙනකු නම්කර තිබූ අතර එම ලැයිස්තුවේ පළමු ස්ථානය මුරලිට හිමිව තිබෙනවා.

2000 වසරේ සිට 2020 වසර දක්වා එක් රැස් කළ දත්ත මගින් මෙම කී‍්‍රඩකයින් ලැයිස්තු ගත කිරීම සිදුකර තිබෙන අතර ඒ අනුව මුත්තයියා මුරලිදරන් බිඳහෙළා ඇති ටෙස්ට් කඩුලූ 800න් 573ක්ම 2000 – 2010 වසර තුළ බිඳ හෙළා ඇති අතර එම වසර 10 තුළදී ඔහු ටෙස්ට් තරග 85ක් කී‍්‍රඩා කර තිබෙනවා. එම කාලවකවානුව තුළදී ජේම්ස් ඇන්ඩර්සන් මුරලිව පසුකර යමින් ටෙස්ට් කඩුලූ 584ක් බිඳ හෙළීමට සමත්ව තිබෙනවා. එහෙත් ඒ සඳහා තරග 151ක් කී‍්‍රඩා කිරීමට ඇන්ඩර්සන් හට සිදු වී තිබීම මත අදාළ ලැස්තුවේ පෙරමුණ ගැනීමට මුරලිට හැකි වූ බව විස්ඩන් කි‍්‍රකට් සඟරාව කියා සිටිනවා.

Share This