2022 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට නොලැබී යාමේ අවදානමක්

2022 ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට නොලැබී යාමේ අවදානමක්

2022 ආසියානු කුසලාන තරගවලියේ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබාදීම පිළිබඳ අවසන් තීරණය 2022 IPL තරගවලියේ අවසන් දිනයේ දී ගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා පවසනවා.

ලබන අගෝස්තු 27 වැනි දින 2022 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර, නමුත් මෙරට තුළ පවතින ආර්ථික සහ අනෙකුත් අර්බුද හේතුවෙන් ඒ පිළිබදව ප්‍රශ්න රාශියක් මතුව ඇති බවයි ජේ ෂා සඳහන් කළේ.

මෙම තීරණයත් සමඟ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට නොලැබී යාමේ ආවදානමක් පවතින බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

කෙසේ වෙතත් පසුගියදා ඩුබායි හිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරුනේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි.

 

 

Share This