20-20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමෙන්  වනිඳු හසරංග ලෝකෙන්ම දෙවැනි තැනට

20-20 පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීමෙන් වනිඳු හසරංග ලෝකෙන්ම දෙවැනි තැනට

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 20-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ‍්‍රී ලංකාවේ දඟ පන්දු යවන කී‍්‍රඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව පැවැති පළමු විස්සයි විස්ස තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ඉහළට පැමිණීමට වනිඳු සමත්වුණා.

නිමා වූ ඉන්දීය පළමු විස්සයි විස්ස තරගයෙන් පසු රෂීඞ් ඛාන් තෙවැනි ස්ථානයට ඇද දමමින් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වන්නට වනිඳුට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ ලැයිස්තුවේ වනිඳුට ඉදිරියෙන් දකුණු අප‍්‍රිකානු පිළ නියෝජනය කරනු ලබන තබ්‍රේස් ශම්සි පසු වනවා.

Share This