20යි 20 ලෝක කුසලානයට රුපියල් කෝටි 56ක්

20යි 20 ලෝක කුසලානයට රුපියල් කෝටි 56ක්

මෙවර T20 ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 56ක් පමණ වනවා.

අනුශූරයන්ට හිමිවන ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක්, සහ පරාජිත අවසන් පූර්ව තරඟකරුවන් දෙදෙනාට අමෙරිකානු ඩොලර් ලක්ෂ 4 බැගින් හිමිවනු ඇති.

ලබන ඔක්තෝබර් 16 වැනිදා ඕස්ට්‍රේලියාවේදි ආරම්භ වන මෙම තරගයට කණ්ඩායම් 16ක් එක්වනවා.

සුපිරි 12 දෙනාගේ වටයෙන් ඉවත්වන කණ්ඩායම් 08ට ඩොලර් 70,000 බැගින් ලැබෙනු ඇති.

තරගාවලියේ මුළු ත්‍යාග මුදල ඩොලර් මිලියන 5.6 ක්.

Share This