සිනොපාර්ම් එන්නත ගැන ලංකාවේ පරීක්ෂණයක්

සිනොපාර්ම් එන්නත ගැන ලංකාවේ පරීක්ෂණයක්

සිනොපාර්ම් චීන එන්නත මෙරට වයස 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකිදැයි සෙවීමට වසංගත රෝග විද්‍යාඥයන් ඇතුළු වෛද්‍ය විශේෂඥයෝ කණ්ඩායමක් ලබන 18 වැනිදා අඟහරුවාදා රැස්වනවා.

සිනොපාර්ම් එන්නත මේ වයස් කාණ්ඩවල අයට ලබා දිය හැකි දැයි සොයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන් බව ජනමාධ්‍ය වර්තා කර තිබුනා .

ඊට අදාළ පර්යේෂණ වාර්තා ද මේදිනවල අධ්‍යයනය කරගෙන යන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසනවා .

සිනොපාර්ම් එන්නත මෙරට ජනතාවට ලබා දීම පසුගියදා ආරම්භ කලා.

Share This