fbpx
බූවැලිකඩ අවාසනාවන්ත සිද්ධියට සමාන සිද්ධියක් ඉන්දියාවෙන් – 10 ක් මරුට!

බූවැලිකඩ අවාසනාවන්ත සිද්ධියට සමාන සිද්ධියක් ඉන්දියාවෙන් – 10 ක් මරුට!

ඉන්දියාවේ මහරාෂ්ට – බිවන්දි නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 7 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හින්දු වෙබ් අඩවිය වාර්තා කරනවා.

අද අලුයම 3.40 ට පමණ මෙම ගොඩනැගිල්ල කඩා වැටී ඇති අත තවත් පුද්ගලයින් 10 ක් පමණ සිරවී ඇති බවට සැක පළ කරන බවයි වාර්තා වන්නේ.

නර්පොලිගේ පටෙල් පරිශ්‍රයේ පිහිටා ඇති ගොඩනැගිල්ල නිවැසියන් නිදා සිටියදී කඩා වැටී ඇති බවත් පැවසෙනවා.

Share This