ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත කිහිපයකටම හානි කළ ‘ඉයන්’ දකුණු කැරොලිනාව දෙසට (PHOTOS )

ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත කිහිපයකටම හානි කළ ‘ඉයන්’ දකුණු කැරොලිනාව දෙසට (PHOTOS )

ෆ්ලොරිඩාවට මෙතෙක් ළඟාවුණු දරුණුතම සුළි කුණාටුව ‘ඉයන් සුළි කුණාටුව’ විය හැකි බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Charlotte ප්‍රාන්තයේ මරණ දහයක් තහවුරු වී ඇති බව එරට ප්‍රාදේශීය නිලධාරියෙක් බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා

එරට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසා තිබෙන්නේ ‘ඉයන්’ නිවර්තන කුණාටුවක් දක්වා පැමිණීමෙන් පසු නැවතත් සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත්, දකුණු කැරොලිනාව ඉලක්ක කර ගනිමින් ඒ දෙසට ගමන් කරන බවත්ය

ෆ්ලොරිඩාවේ මිලියන 2.6 කට වැඩි ජනතාවකට විදුලිය නොමැති අතර සමහර ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

සහන කණ්ඩායම් තම නිවෙස් තුළ සිරවී සිටින පුද්ගලයින් වෙත ළඟා වීමට උත්සාහ දරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

‘ඉයන් සුළි කුණාටුව’ ෆෝට් මයර්ස් නගරය ආසන්නයේ ගොඩබිමට ඇතුළුවීමෙන් පසු ගංවතුර මෙන්ම සුළං සහ කුණාටු නිසා සහන කණ්ඩායම්වලට ආපදාවන්ට ලක්වූවන් වෙත ළඟා වීමට දැඩි අසීරුතා පවතින බවයි පැවසෙන්නේ

ෆ්ලොරිඩාවේ Naples නගරයද ජලයෙන් යටවී නිවාස ගණනාවක්ද විනාශ වී ඇති බව සඳහන් වනවා

අත්ලාන්තික් වෙරළ තීරයේ කුණාටු ඇතිවීමේ අවදානම වැඩි වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

 

Share This