“ෆ්‍රෙඩී”ට ගොදුරු වූවන් බේරා ගැනීමට සැම්බියාවෙන් ගුවන් යානා දෙකක්

“ෆ්‍රෙඩී”ට ගොදුරු වූවන් බේරා ගැනීමට සැම්බියාවෙන් ගුවන් යානා දෙකක්

මලාවි හි ෆ්‍රෙඩී නිවර්තන කුණාටුවට ගොදුරු වූවන් බේරා ගැනීමට සහ සහනාධාර බෙදා හැරීමට සැම්බියානු රජය ගුවන් යානා දෙකක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මලාවි ආරක්ෂක බලකාය විසින් මෙම ගුවන් යානා පැමිණීම පිළිබඳව තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

බොහෝ මිනිසුන් පීඩාවට පත්වී සිටිනු ඇතැයි විශ්වාසය පළ කෙරෙන සහ ළඟා වීමට අපහසු ප්‍රදේශවන Mulanje, Phalombe සහ Nsanje යන ප්‍රදේශවලට මෙම ගුවන් යානා යොදවන බව හමුදා මෙහෙයුම් නියෝජ්‍ය ප්‍රධානී කර්නල් ලැමේක් කලෙන්ගා සඳහන් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ නිලධාරීන් පවසා තිබෙන්නේ නායයෑම්වලට හසු වූ ප්‍රදේශවල විපතට පත් වූවන් සොයා ගැනීමට ඔවුන් සුනඛයන් යොදවා ඇති බවයි.

විනාශකාරී කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 326 දක්වා ඉහළ ගිය අතර තවත් 200 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව බලධාරීහු ප්‍රකාශ කරනවා

Share This