ළඟදීම භාවිතයෙන් ඉවත් කරන ‘පොලිතීන් හා ප්ලාස්ටික්’ නිෂ්පාදන ලේඛණය

ළඟදීම භාවිතයෙන් ඉවත් කරන ‘පොලිතීන් හා ප්ලාස්ටික්’ නිෂ්පාදන ලේඛණය

පරිසර අමාත්‍යාංශය විසින් තවත් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබෙනවා.

එම .ලේඛණය පහතින් දැක්වෙනවා.

01.කමිස ඇසුරුම්වල ඇති Shirt Clip,

02. එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, පිහි ආහාර පෙට්ටි, යෝගට් / අයිස්ක්‍රීම් හැඳි, ආහාර ඇසුරුම් හා කෝප්ප, පිඟන් තහනම් කිරීම,

03. පොලිතීන් හා ප්ලාස්ටික්වලින් සකසන ලද පොස්ටර්, දැන්වීම්, කටවුට් හා විවිධ මාදිලියේ දැන්වීම් තහනම් කිරීම,

04. එක්වරක් පමණක් භාවිත කර ඉවත ලන බීම බට (Straws) හා බීම කළතන (Stirrers) තහනම් කිරීම ,

05. මිලිමීටර් 400-500 දක්වා පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ සිලි සිලි බෑග් හා ෂොපිං බෑග් හා ග්‍රොසරි බෑග් තහනම් කිරීම,

06. PET හා PVC වලින් නිෂ්පාදිත මි. ලී. 400ට අඩු කුඩා බෝතල් තහනම් කිරීම,

07. හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම තහනම් කිරීම,

08. පළතුරු හා එළවළු තැලීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන Foof Wrappers තහනම් කිරීම,

09. ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු හෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ඇට (Beads ) අඩංගු පුද්ගලික සෞඛ්‍යරක්ෂණ ආලේපණ Personnal care Products තහනම් කිරීම,

10. උණුසුම් ආහාර ද්‍රව්‍ය පිරිනැමීම සඳහා භාවිතා කරන ද්‍රව්‍ය එනම්- ඉඳිආප්ප තට්ටු, ප්ලාස්ටික් හැඳි හා කෝප්ප යනාදිය තහනම් කිරීම,

11. PET හා PVC වලින් නිෂ්පාදිත මි. ලී. 750ට අඩු ප්‍රමාණයේ බෝතල් තහනම් කිරීම

Share This