හොකී නිලවරණයේ වාරණ නියෝගය එළඹෙන 25  දක්වා යළි දීර්ඝ කෙරේ

හොකී නිලවරණයේ වාරණ නියෝගය එළඹෙන 25 දක්වා යළි දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය පැවැත්වීම වළක්වමින් එම සංගමයේ සභාපති ඇතුළු නිලවරණ කමිටුවට නිකුත් කළ වාරණය ලබන 25 දින දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

වාරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ ලිඛිත දේශණ ලබන 18 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීමටද අධිකරණය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වාරණය තහවුරු කරමින් නඩුව අවසාන වනතෙක් අතුරු තහනමක් නිකුත් කරනවාද? නොඑසේනම් වාරණය ප්‍රතික්ෂේප කරනවාද ? යන්න පිළිබඳ නියෝගය ලබන 25 දින නිකුත් කරන බවයි අධිකරණය දැනුම් දී තිබෙන්නේ.

රාජ්‍ය සේවා හොකී සංගමයේ සභාපති මලින් ප්‍රසන්න ලියනගේ මහතා විසින් පවරනු ලැබූ නඩුව සලකා බැලීමෙන් පසුව මැයි 31 සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තිබු නිලවරණය වළක්වමින් මෙම වාරණය පළමුවරට නිකුත් කරනු ලැබුවේ පසුගිය 2 වැනිදා වන අතර එය  යළි 11 වැනිදා දක්වා දීර්ඝ කළා.

Share This