හෙට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

හෙට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

සපුගස්කන්ද විදුලි උප පොළෙහි අලුත්වැඩියාවක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශ කිහිපයකට හෙට (19) ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට පෙරවරු 8.30 සිට පැය 16ක්, එලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති.

ඒ අනුව පෑලියගොඩ, වත්තල-මාබෝල, ජාඇල නගරය, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශය , කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

Share This